පාසල් සිසුවෙකු අපයෝජනය කලාට විසි වසරක සිර දඬුවමක්

Share

බාල වයස්කාර පාසල් සිසුවෙකු අපයෝජනය කල බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි විත්තිකරුවෙකු එකී චෝදනාවට වරදකරු බවට නිගමනය කල උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා ඔහුට වසර 20ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් අද(30) නියම කළේය.

ඊට අමතරව රුපියල් 9000ක දඩ මුදලක් ගෙවන ලෙසටද විත්තිකරුට තවදුරටත් නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම විත්තිකරු පැහැර හරින්නේ නම් ඔහු තවත් මාස 3 ක ලිහිල් සිර දඬුවමකටද යටත් කිරීමට නියෝග කෙරිණ.

ඊටද අමතරව වින්දිත බාල වයස්කාර දරුවාට මුදලින් රුපියල් 75000 ක වන්දියක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් ඔහුට තවත් මාස 6 ක සිර දඩුවමක්ද නියම කළේය.

2014 වසරේ ඔක්තෝබර් 8 වනදා හෝ ඊට ආසන්න දිනයක කැකිරාව පොලිස් බල ප‍්‍රදේශයේ තෝනිගලදී විත්තිකරු මෙම අපරාධය සිදු කර ඇති බවට නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණ.

Read more

Local News