පුත්තලම නීලබැම්ම ප්‍රදේශයේදී අතුරුදන්ව සිටි සිව් හැවිරිදි දියණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇයගේ මව අත්අඩංගුවට ගෙන තිබේ.
තමන් විසින් දියණිය ඝාතනය කර කලා ඔයට දැමු බවට ඊයේ (03) දින ඇය පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබුණි.
ඒ අනුව දියණිය සෙවීමේ කටයුතු පොලීස් සහ නාවික හමුදා නිලධාරීන් විසින් කලා ඔයේ ඕලුමඩු ප්‍රදේශයෙන් ආරම්භ කළේය.
කෙසේ වෙතත් මෙතෙක් දියණියගේ මළ සිරුර සොයා ගැනීමට හැකියාව ලැබී නොමැත.




