Tuesday, March 19, 2024.

ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමය ජනපතිගෙන් ඉල්ලීමක් කරයි

Share

ඩුබායි හිදී ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් සමඟ අත්අඩංගුවට ගත් මෙරට කලාකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු වන තෙක් ඔවුන්ට දෝෂාරෝපණය කිරීමෙන් වලකින ලෙස ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමය ඉල්ලීමක් කරයි.

එම සංගමයේ සභාපති ප්‍රවීණ ගායන ශිල්පි කීර්ති පැස්කුවෙල් මහතා මෙම අදහස් පල කළේය.

මෙම වැරැද්දට හසු වුන පිරිස අතර ශ්‍රී ලාංකික කලාකරුවන් පිරිස නිර්දෝෂී යැයි ශ්‍රී ලංකා රජයෙන් සේම ජනාධිපතිවරයාගෙන්ද ඉල්ලීමක් කරන්නට බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසීය.

විශේෂයෙන් මෙම පිරිස කලාකරුවන් පිරිසක් බවත් පැවසූ ඔහු සඳහන් කලේ ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඔවුන් වැරැද්දක් කර ඇත්නම් ඔවුන්ට සුදුසු දඩුවමක් ශ්‍රී ලංකාව තුළදී ලබා දෙන්නැයිද කලාකරුවන් ලෙස ඉල්ලීමක් කරන බවයි.

වැරැද්දක් ඔප්පු වන තුරු ඔවුන්ට දෝශාරෝපණය කිරීමෙන් වළකින ලෙස ඉල්ලන බවත් පැවසීය.

Read more

Local News