පාර්ලිමේන්තු සෝපානයේ විමල් හිරවෙයි

Share

විමල් වීරවංශ මන්ත්‍රිවරයා ඇතුළු මන්ත්‍රිවරුන් 12 දෙනෙකු පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගීවිමට පැමිණ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විදුලි සෝපානයේ සිරවී තිබේ.

අද (07) දින පෙරවරුවේ මන්ත්‍රීවරුන් පිරිස පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී වෙමින් සිටියදී මෙලෙස විදුලි සෝපානයේ සිරවී ඇත.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සභාවාරයේදී කථානායකවරයාගේ අවධානය යොමු කළ බවද වාර්තා වෙයි.

මේ අතර  අද පෙරවරු 10.30ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වූ අතර එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබඳ කථානායකවරයා සභාව හමුවේ ප්‍රකාශයක් සිදු කළේය.

ඉන් අනතුරුව ව්‍යවස්ථා සභාව පිළිබඳ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා විවාදයක් ඉල්ලා සිටි අතර එය කථානායකවරයා විසින්  ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර උණුසුම්කාරි තත්ත්වයක් හට ගත්තේය.

අනතුරුව පාර්ලිමේන්තු කටයුතු මිනිත්තු 10 කට අත්හිටුවා පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කථෘනායකවරයා පියවර ගනු ලැබුවේය.

Read more

Local News