දරුවන් ආරක්ෂා කිරීමට ජාතික අරමුදලක් පිහිටුවන බව ජනපති කියයි

Share

දරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අරමුදලක් පිහිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද (20) පෙරවරුවේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේබව ප්‍රකාශ කළේය.

කොළඹ දිස්ත්‍රික් දරුවන් සුරකිමු ජාතික වැඩසටහන අද පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ ජනාධිපති මෛන්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

එම අවස්තාවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුලු මැති ඇමතිවරුන් පිරිසක්ද එක්ව සිටියේය.

අනතුරුව උත්සව සභාව ඇමතීම සඳහා ජනාධිපතිවරයා වේදිකාවට කැඳවා ගෙන යනු ලැබුවේ පාසල් දරු දැරියන් පිරිසක් විසිනුයි.

Read more

Local News