මහින්ද හා ඉන්දියානු මහ කොමසාරිස් හමුවෙයි

Share

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දියානු මහ කොමසාරිස් තරන්ජිත් සිං අතර හමුවක් සිදුව තිබේ.

අද (01) පෙරවරුවේ කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායකවරයාගේ නිල නිවසේදී එම හමුව සිදුවූ බව සදහන්.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර හටගෙන ඇති අර්බුදය පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා වෙත කරුණු පැහැදිලි කිරීම එම හමුවේ අරමුණ වූ බව විපක්ෂ නායක කාර්යාලය පැවසුවේය.

ඉන්දියානු මහ කොමසාරිස්වරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව, පාකිස්ථානය සමඟ දේශපාලනමය හෝ ආර්ථික වශයෙන් කිසිඳු ගැටළුවක් නොමැති අතර ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදිම පමණක් තම අරමුණ බවයි.

තම පාලන සමය තුළ ඉන්දීය රජය විසින් මෙරටට ලබාදුන් සාම්පූර් ගල් අඟුරු බලාගාරය අනුමත කිරීම පිළිබඳව සිය ප්‍රසාදය ඉන්දීය රජය වෙත පල කරන බව සදහන් කළ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුව විසින් එම ව්‍යාපෘතිය අතහැර දැමීම සම්බන්ධයෙන් තම කණගාටු වන බව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Read more

Local News