කංජිපානිගේ තවත් ප්‍රධාන ගෝලයෙක් කොටුවෙයි

ඩුබායි අත්අඩංගුවේ පසුවන අපරාධ කල්ලි සමාජික කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු අයිස් මත්දුව්‍ය සමඟ කොටහේන ප්‍රදේශ‍‍යෙදී අතඅඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය නිළධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී අයිස් මිලිග්‍රෑම් 2080 ක් සහ කඩුවක් සොයාගෙන තිබේ.

සිදුකළ මූලික විමර්ශනයෙදී සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොටහේන පොලිස් ස්ථානයට භාර දී ඇත.