පාර්ලිමේන්තු වටරවුම අවට දැඩි රථ වාහන තදබදයක්

Share

විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම අවට දැඩි රථ වාහන තදබදයක් පවතින බව වාර්තාවෙයි.

ග්‍රාම නිලධාරීන් විසින් පාර්ලිමේන්තු වටරවුම අසල දී ආරම්භකර ඇති විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය පවතින බව වාර්තා වෙයි.

දිවයින පුරා සිටින ග්‍රාම නිලධාරීවරුන් අද(05) දිනයේ ලෙඩ නිවාඩු දමා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාමනිලධාරී සංගමය පවසයි.

ග්‍රාම නිලධාරී සේවාවට බලපා ඇති ගැටලු 17කට බලධාරීන් විසඳුම් ලබානොදීමට විරෝධය පළ කිරීම මෙහි අරමුණ වී ඇති අතර ඉතිහාසයේ ග්‍රාම නිලධාරීවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙය බව කමල් කිත්සිරි මහතා සඳහන් කළේය.

Read more

Local News