විධායක ජනාධිපති ධුරය ඉවත් කිරිම සම්බන්ධයෙන් වන යෝජනා පිළිබඳව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡා කිරිම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සමඟ විජිත හේරත් සහ සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන් මේ වන විට විපක්ෂ නායක කාර්යාලයට පැමින ඇත.
මෙම සාකච්ඡා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයට අයත් පක්ෂවල නායකයින් සමඟ ඊයේ (05) පස්වරුවේ පැවති රැස්වීමේදී සාකච්ඡා වූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේය.
විපක්ෂ නායකයා වශයෙන් විපක්ෂයේ සිටින සෑම පක්ෂයක් සමඟම සාකච්ඡා කිරීම තමන්ගේ යුතුකමක් හා වගකීමක් වන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ ඉල්ලීම පරිදි අද (06) අදාල සාකච්ඡාව පැවැත්වෙන බවත් දෙමළ ජාතික සන්ධානය ඇතුළු වෙනත් විපක්ෂ කණ්ඩායම් විසින් ද ඉල්ලිම් ඉදිරිපත් කළහොත් රටට වැදගත් ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.
මෙම සාකච්ඡාවට මහින්ද රාජපක්ෂ මහතා සමඟ දිනේෂ් ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන්ද සහභාගී වීමට නියමිත බව ද විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේය.