කිරිපිටි හිඟයක් ?

Share

වෙළෙඳ පොළේ කිරිපිටිවල හිඟයක් පවතින බවට පාරිභෝගිකයන් සහ වෙළෙඳුන් පවසයි.

කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා සඳහන් කළේ මිල වැඩිකිරීම සම්බන්ධයෙන් කිරිපිටි සමාගම්වල ඉල්ලීම් ගැන තීරණය හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

පසුගිය දින කිහිපය පුරාම වෙළෙඳපොළේ කිරි පිටි හිඟයක් පවතින බවට තොරතුරු වාර්තාවිය.

කිරිපිටි මිල වැඩි කරන ලෙස ඉල්ලා ආනයනික කිරිපිටි සමාගම් පසුගිය පෙබරවාරි මාසය වරායෙන් කිරිපිටි තොග නිදහස්  කරගැනීම ප්‍රතික්ෂේප කළ අතර ඒ හේතුවෙන් කිරිපිටි තොග වරායේ එක්රැස්ව තිබුණි.

Read more

Local News