රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල් ශාඛා ජාලය පුළුල් කරයි

Share

කෙටිකාලීන සහ මධ්‍යකාලීන සැළැස්මක් යටතේ ඔසුසල ශාඛා ජාලය පුළුල් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව කෙටි කාලීන සැළැස්මක් යටතේ සෑම දිස්ත්‍රික්කයක් සඳහාම එක් ඔසුසලක් බැඟින් සහ මධ්‍යකාලීන සැළැස්මක් යටතේ සෑම මැතිවරණ කොට්ඨාසයක් සඳහාම එක් ඔසුසලක් ලබාදීමේ වැඩපිළිවෙළක් දියත් කිරිමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ මාතලේ දිස්ත්‍රික්කය සඳහා වූ ඔසුසල මාතලේ නගරයේ දී සහ දඹුල්ල නගරයේ දී ලබන 25දා සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් විවෘත කිරීමට නියමිතව ඇත.

ඉන් පසු කෑගල්ල, බදුල්ල, අම්බලන්ගොඩ, දර්ගා නගරය වැනි නගර වල ඔසුසල් විවෘත කිරීමට සැළසුම් කර ඇති බව ද වාර්තා වෙයි.

Read more

Local News