ජනාධිපති විමර්ශන කොමිසමේ සාක්ෂි විභාගය අද අරඹයි

Share

රාජ්‍ය ආයතනවල සිදු වු දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ සාක්ෂි විභාගය අද(25) ආරම්භ වෙයි.

ඒ අනුව අද දිනයේ මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ මිලදී ගැනීමේ දී සිදු වු බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරෙන අතර ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් මෙරටට කිරි ගවයින් ගෙන්වීමේදී සිදු වු අක්‍රමිකතාවයකට අදාළ සාක්ෂි සටහන් කර ගැනීමට සිදුකිරීමද නියමිතයි.

2015 වසරේ ජනවාරි මස 15 වන දින සිට 2018 වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදු වු ඇති බව සැළකෙන දුෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම කොමිසම පත් කරනු ලැබුවේය.

ඒ අනුව පසුගිය 19 වනදා පස්වරු 5.00 ට පැමිණිලි භාර ගැනීමේ කටයුතු අවසන් කිරීමට එම කොමිසම පියවර ගත්තේය.

එදින දක්වා රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැළකෙන දුෂණ වංචා සම්බන්ධයෙන් පැමිණිළි  සහ පෙත්සම් 1142ක් මෙම කොමිසමට ලැබී තිබුණි.

එම පැමිණිලි සහ පෙත්සම් අතරින් කොමිෂන් සභාව පරීක්ෂා කළ පැමිණිලි 48ක් මුළික විමර්ෂණ කටයුතු සහා එම කොමිසම යටතේ අනුයුක්තව ඇති පොලිස් ඒකකය වෙත භාර දෙනු ලැබුවේය.

ඒ අනුව පොලිස් ඒකකය මගින් සිදුකළ මුලික විමර්ෂණ වලට අදාළ පැමිණිළි සම්බන්ධයෙන්  මෙම සාක්ෂි සටහන් කර ගැනීම අද දිනයේ සිට සිදු කරයි.

Read more

Local News