අද(26) දින පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක කාර්යාලයේදී විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල ප්‍රධනීන් හමුවිය.
එම හමුවේදී සාකච්ඡාවට භාජනය වුයේ වර්තමාන රජය විසින් ත්‍රස්ත්‍රවාදය වැලැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට නව පනතක් ආදේශ කිරීමය.
එම කෙටුම්පතේ සැඟවී ඇති තොරතුරු පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය ජී.එල් පීරිස් මහතා විසින් පැමිණ සිටි මාධ්‍යවේදීන්හට හෙලි කරන ලදී.
මෙහිදී අදහස් දැක්වු ජී.එල් පීරිස් මහතා මෙම පනත ඉතාමත් භයානක පනතක් බවත් වෘත්තිය සමිති හා සියලු සිවිල් සමාජ සංවිධාන විසින් සිදු කරන ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා යටපත් කිරීම මෙම නව පනතේ මුලික අරමුණ වී ඇති බවත් වැඩි දුරටත් ප්‍රකාශ ලදී.
(“මෙම පනත යටතේ චෝදනාවක් වන රහස්‍ය තොරතුරු රැස්කර වෙනත් අයකුට එම තොරතුරු සැපයීම ත්‍රස්ථවාදයට අනුබලදීමක් ලෙස සලකනවා.
මෙම පනත මගින් වර්තමානයේ මාධ්‍ය විසින් සිදු කරන විමර්ෂණාත්මක මාධ්‍යකරණයද ත්‍රස්ත්‍රවාදී ක්‍රියාවක් ලෙස අර්ථ ගන්වා තිබේනවා.
මුලික අයිතිවාසිකම් කප්පාදු කිරීමක්. හම්බන්තොට වරාය සිදුවීම සම්බන්ධයෙන් තිස් හත්දෙනකු (37) අත්අඩංගුවට ගෙන තිබේනවා.
ඒ වගේම මෙම පනත යටතේ චෝදනාවක් වන රහස්‍ය තොරතුරු රැස්කර වෙනත් අයෙකුට එකී තොරතුරු සැපයීමත්ත්‍රස්ත්‍රවාදයට අනුබලදීමක් ලෙස දක්වලා තියෙනවා. පොලිසිවලට පවරා තිබෙන අත්තනෝමතික බලතල පොලිස් රාජ්‍යයට අත්තිවාරමක්.
මෙය 62(1) වගන්තියේ වන අනුබලයක්.”) යැයි පැවසීය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කෙහෙලිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, සී.බී රත්නායක, ලංකා සමසමාජ පක්ෂ නායක තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන, මහින්ද යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී එල් පීරිස් යන මහත්වරුන්ද එක් විය.