වෘත්තීය විෂය හදාරණ පාසල් සිසුන්ට දෛනික මුදලක්

Share

රජයේ පාසල්වල 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ පාසල් හරහා ආයතන ගත වු සිසුන් සඳහා රුපියල් 500ක මුදලක් දෛනිකව ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මෙම වැඩසටහන යටතේ වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන් දෙවන අධ්‍යයන වර්ෂයේ දී තෝරා ගත් වෘත්තීය විෂයකට අදාළව ජාතික වෘත්තීය කුසලතා(NVQ)4 මට්ටමේ සහතිකය ලබා දීමට අනුමැතිය ඇති වෘත්තීය පුහුණු ආයතනයකින් අධ්‍යාපනය ලැබිය යුතුව ඇත.

මෙවැනි වෘත්තීය පුහුණු ආයතන එක් ස්ථානයක පමණක් පිහිටා තිබීම හේතුවෙන් ඇතැම් සිසුන් ප්‍රවාහන හා නේවාසික පහසුකම් සලසා ගැනිමේ දී අධික පිරිවැයක් දරණ බව වාර්තා වෙයි.

එම හේතුව නිසා පාසල් හරහා ආයතන ගත වන සිසුන් සඳහා ප්‍රවාහන හා අනෙකුත් වියදම් ආවරණය කර ගැනීමට රුපියල් 500 ක දෛනික දීමනාවක් ලබා දීමට අනුමැතිය හිමිව තිබේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Read more

Local News