උතුරු තායි වැසියන්ට වායු දූෂණයෙන් දැඩි බලපෑම්

Share

උතුරු තායිලන්තයේ වායු දූෂණය හේතුවෙන් ජනතාවට තවදුරටත් බලපෑම් එල්ල වෙමින් පවතියි.

ලොව වඩාත්ම වායු දූෂණයට ගොදුරු වූ ප්‍රදේශ අතරට තායිලන්තයේ උතුරු ප්‍රදේශයත් එක්වී ඇත.

එම ප්‍රදේශයේ වායුගෝලය තුළ පවතින කුඩා අංශු මට්ටම, සම්මත මට්ටම බෙහෙවින් ඉක්මවා ඇති බවත් සඳහන්ය.

එමඟින් පුද්ගලයින්ට වන හානිය දිනකට දුම්වැටි 40ක් දැල්වීමෙන් සිදුවන හානියට සමාන බවද විදෙස් වාර්තාවල දැක්වෙයි.

තායිලන්තයේ උතුරු ප්‍රදේශය ඝන මීදුමකින් වැසී ගොස් ඇති අතර පවතින තත්ත්වය හේතුවෙන් ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමීමටත් බලධාරීන්ට සිදුවුණි.

මෙම තත්ත්වයෙන් ආරක්ෂා වීමට එළිමහනේදී මුඛ ආවරණ පළඳින ලෙසත් ජනතාව දැනුම්වත් කර ඇත.

නිරතන්තරයෙන් සිදුවන ලැව්ගිනි, මෙලෙස වායු දූෂණය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් බව එරට බලධාරීන් පවසා සිටියි.

මීට පෙරද මෙම ප්‍රදේශය වායු දූෂණයට ගොදුරු වී තිබුණත් මෙතරම් දරුණු ලෙස වායු දූෂණයට ගොදුරු වූ පළමු අවස්ථාව මෙය බවද සඳහන්ය.

Read more

Local News