පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළ නංවයිද ?

Share

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට හැකි වූ බවයි.

ඒ අනුව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළ නැංවීම සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ඉදිරි සතිය තුළ ක්‍රියාත්මක කරන බව රවීන්ද්‍ර සමරවීර අමාත්‍යවරය සඳහන් කළේය.

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළ නැංවීම වතුකම්කරුවන්ට ද බලපාන පරිදි සිදුකිරීමට සැලසුම් කර ඇති බව රවීන්ද්‍ර සමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය.

Read more

Local News