අදත් ගිගුරුම් සහිත වැසි

Share

දිවයින පුරා සවස්කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහල මට්ටමක පවතී. ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.සබරගමුව, මධ්‍යම,දකුණු,ඌව,බස්නාහිර සහ වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.75 පමණ තරමක තද වර්ෂාපතනයන් ඇතිවිය හැක.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශ වල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක.

Read more

Local News