උතුරු පළාත් සභාවේ සියලු පළාත් රාජ්‍ය ආයතන වලට හෙට නිවාඩුයි

Share

රට තුළ උද්ගතව ඇති තත්ත්වය සළකා බලා උතුරු පළාත් සභාවට අයත් සියලු පළාත් රාජ්‍ය ආයතන වෙත හෙට(22) දිනයේ නිවාඩු ලබාදෙන බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

රාඝවන් මහතා පැවසුවේ උතුරු පළාත් සභාවේ සේවයේ නියුතු නිලධාරීන්ගේ ආරක්ෂාව පතා අදාළ තීරණය ගත් බවයි.

ඇතැම් නිලධාරීන් වෙත ප්‍රවාහන පහසුකම් ලබාගැනීම ඇතුලු දුෂ්කරතා රැසක් පැන නැඟී ඇති බැවින් පළාත් රාජ්‍ය ආයතන වෙත නිවාඩු ලබාදුන් බවද හෙතෙම පැවසුවේය.

ලබාදෙන ‍නිවාඩු දිනය වෙනුවෙන් ඉඳිරියේදී සේවා දිනයක් ලබාදීම සම්බන්ධයෙන් දැනුම්දෙන බවද පළාත් ආණ්ඩුකාර කාර්යාල නිලධාරීන් පැවසූහ.

Read more

Local News