සිදුවූ ඛේදවාචකයේ වගකීම රජය භාරගත යුතුයි

Share

බුද්ධි අංශ සතු තොරතුරු ජනතාවටද දැනගැමේ අයිතියක් තිබෙන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පව​සයි.

උන් වහන්සේ පැවසුවේ මෙම තොරතුරු ඉදිරියෙදි ජනතාවට දැනුම් දීමට සැලැස්විය යුතු බවයි.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ බිෂොප් නිල නිවසේදි අද (22) පැවති මාධ්‍ය හමුවකදී.

එමෙන්ම  ඊයේ (21) සිදුවූ ඛේදවාචකය පිළිබඳ වගකීම රජය විසින් භාරගතයුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එහිදි පැවසීය.

Read more

Local News