ප්‍රහාරයට සම්බන්ධ සංවිධානයට ජාත්‍යන්තර සහයත් ලැබිලා

Share

ලොවම කම්පා කරමින් ඊයේ (21 )දිවයිනේ ප්‍රදේශ 8ක සිදු කළ ප්‍රහාරය දියත් කළ සංවිධානය මේ වන විට හදුනාගෙන ඇති බව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.

යුද හමුදාපති මහේෂ් සෙනානායක මහතා මේ බව පැවසුවේ අද ( 22) කොළඹ බිෂොප් නිල නිවසේදි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවු අවස්ථාවේදි මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න වලට පිලිතුරු ලබා දෙමිනි.

ප්‍රහාරකයන්ට ජාත්‍යාන්තර සහයක් ලැබී ඇති බව අදාල පුපුරනත්ද්‍රව්‍ය පරික්ෂා කිරිමේදි තහවුරු වු ඒ බවද ඒ මහතා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ හමුදාපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ අතර සන්නිවේදන සම්බන්ධතාවයක් නොමැති බවයි.

ඉදිරියේදි සෑම බුද්ධි අංශයක් අතරම මනා සම්බන්ධතාවයක් ඇති කිරීමට පියවර ගත යුතු බවද ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් බුද්ධි අංශ දැණුම්වත් වී සිටි බව ද පැවසූ හමුදාපතිවරයා කියා සිටියේ මෙම අපරාධ වැලැක්වීම සඳහා යුද හමුදාවට බලය ලබා දෙන ලෙසට තමන් ඉල්ලිමක් කර ඇති බවයි.

 

Read more

Local News