පොලිසියෙන් ඉල්ලීමක්

Share

පොදු ස්ථානයන්හි නවතා යන වාහනවල ඉදිරිපස වීදුරුව මත පැහැදිලිව පෙනෙන සේ නම සහ හිමිකරුගේ ජංගම දුරකථන අංකය ප්‍රදර්ශනය කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව පවසා සිටියේය.

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වු පිපිරීම් හේතුවෙන් මේ වන විටත් රට පුරා සෝදිසි මෙහෙයුම් සිදු කරමින් පවතී.

ඒ සඳහා ගන්නා ලද ආරක්ෂාකාරි පියවරක් ලෙස සියලූම පොදු ස්ථානයන්හි නවතා ඇති වාහනවල මෙය ප්‍රදර්ශනය කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.

එමඟින් සිදුවන්නට යන අනතුරු මඟ හරවා ගත හැකි බවත්, හිමිකරුවන් නොමැති වාහන පිළිබඳ වැඩි අවධානයක් යොමු කර අවශ්‍ය ආරක්ෂාකාරී පියවර ගත හැකි බවත් පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News