ප්‍රහාර වලට ඉස්ලාම් රාජ්‍ය හෝ අල් කයිඩා සම්බන්ධයිද ?

Share

ශ්‍රි ලංකාවේ සිදුකළ සම්බන්ධිත ත්‍රස්ත ප්‍රහාරය සඳහා ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන වන ඉස්ලාම් රාජ්‍ය හෝ අල් කයිඩා සංවිධාන සම්බන්ධ බවට ආරක්ෂක විශ්ලේෂකයන් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් තවමත් එම ප්‍රහාරයන්හි වගකීම කිසිම සංවිධානයක් භාරගෙන නොමැත. ශ්‍රී ලංකාව තුළ පල්ලි හා හෝටල ඉලක්ක කර ගනිමින් එල්ල කළ මෙම ප්‍රහාරය ශ්‍රී ලංකාව තුළ “නව හා කනගාටුදායක තත්ත්වයක්” බව ඔවුන් සඳහන් කර තිබේ.

ඉහත සඳහන් කළ ත්‍රස්ත කණ්ඩායම් දෙක පිළිබඳව දීර්ඝ කාලයක පටන් විමර්ෂණ පවත්වන විශේෂඥයෙකු වෙන ඇල්ටෝ ලැබුටුබන සඳහන් කරන්නේ මැදපෙරදිග, ඊසානදිග ආසියාව තුළ අල්කයිඩා හා ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයන් එල්ල කළ ප්‍රහාර වලට ලංකාවේ ප්‍රහාරය සමාන බවයි.

මේ පිළිබඳව අදහස් දක්වන තවත් යුද විශ්ලේෂකයෙකු වෙන රොහාන් ගුණරත්න සඳහන් කරන්නේ ප්‍රහාර එල්ල කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ ලංකාවේ ශාඛාව බවයි.

Read more

Local News