විදෙස් විශේෂඥ පොලිස් කණ්ඩායම් 6ක් ලංකාවට

Share

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග මේ වනවිට රටවල් 6කට අයත් විශේෂඥ පොලිස් කණ්ඩායම් සහ ඉන්ටර්පෝල් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන පරීක්ෂණවලට සහාය වෙමින් සිටින බව සඳහන් වෙයි.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මහා බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ඩ් යාඩ්, ඇමෙරිකා එක්සත් ජනපදයේ FBI, නවසීලන්ත පොලීසිය, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය, ඩෙන්මාර්ක පොලීසිය, නෙදර්ලන්ත පොලීසිය සහ ඉන්ටර්පෝල් යන ආයතන මෙසේ ශ්‍රී ලංකාවේ රැඳී සිටින බවයි.

මේ අතර, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසා තිබුණු පරිදි මේ වනවිට අමෙරිකානු FBI ආයතනයට අමතරව, එක්සත් ජනපද ඉන්දු – ශාන්තිකර බලගණයේ විශේෂඥ කණ්ඩායමක්ද මේ වනවිට ශ්‍රී ලංකාවේ රැඳී සිටියි.

Read more

Local News