පාසල් හා විශ්ව විද්‍යාල විවෘත කිරිම කල් යයි

Share

පාසල් හා විශ්ව විද්‍යාල විවෘත කිරිම මැයි 06 තෙක් කල් දැමු බව අද රැස්වු ආරක්ෂක කවුන්සිලය මෙම තිරණය ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ජාතික ආරක්ෂක මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

මෙහිදී අනාවරණය කෙරුණේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ බොහෝ පිරිස් සහ පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.

ත්‍රස්තවාදයට නැවත සංවිධානය වීමට කිසිදු ඉඩක් නොතබා මෙම ත්‍රස්ත ව්‍යාපාරය රටින් මුලිනුපුටා දැමීමේ ඒකාබද්ධ මෙහෙයුම් අඛණ්ඩව සහ ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී ඇත.

පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීම මැයි 06 වන දා දක්වා කල් දැමීමට ද මෙහිදී තීරණය කෙරිණි.

විභාග පවත්වන ස්ථානවලට දැඩි ආරක්ෂාවක් සැපයීම පිළිබඳව ද සාකච්ඡා වි තිබේ.

පවතින තත්ත්වය හමුවේ මැයි දින සැමරුම් නොපවත්වන ලෙස ද මෙහිදී ජාතික ආරක්ෂක මණ්ඩලය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කළේය.

රාජ්‍ය ආයතන සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් සඳහා මෙන් ම මහජනතාව බහුලව ගැවසෙන ස්ථානවලට පුළුල් ආරක්ෂාවක් සැපයීමේ නව ආරක්ෂක වැඩපිළිවෙළක් සඳහා ද ජාතික ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

Read more

Local News