කටානේ පාර්සලයක් ආරක්ෂිතව පුපුරවයි- ආරක්ෂාව විහිළුවට ගන්න එපා

Share

කඳාන පොලිස් ස්ථානය ඉදිරිපිට තිබී සොයාගත් පාර්සලයක් ආරක්ෂිතව පුපුරවා හැර ඇත.

කඳාන පොලිස් ස්ථානය ඉදිරිපිට සැකකටයුතු පාර්සලයක් තිබෙන බවට ලද තොරතුරක් මත බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් අදාල පාර්සලය ආරක්ෂා සහිතව පුපුරවා හැරිය බව නාවික හමුදාව සඳහන් කළේය.

කෙසේවෙතත් අදාල පාර්සලය තුළ කිසිදු පුපුරණ ද්‍රව්‍යක් නොතිබූ බවට තහවුරු වූ බව නාවික හමුදාව සඳහන් කළේය.

මේ අතර ජාතික ආරක්ෂාවට තර්ජනය එල්ලවන ආකාරයේ කිසිඳු කටයුත්තක් සිදු නොකරන ලෙස නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුර සූරිය බණ්ඩාර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරයි.

Read more

Local News