බුර්කා ඇඳුම භාවිතා කිරීම තහනම් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධ බවට පළ වන ප්‍රවෘත්තිය අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
ඉස්ලාම් භක්තික කාන්තාවන් විසින් භාවිතා කරන ශරීරය ආවරණය කරන බුර්කා ඇඳුම භාවිතා කිරීම තහනම් කිරීමට අමාත්‍යවරුන් පිරිසක් විසින් යෝජනා කළ අවස්ථාවෙහි එම යෝජනාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධ බවට පළ වන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර ඇත.
ඉහත ප්‍රවෘත්තිය මඟින් අග්‍රාමාත්‍යවරයා බුර්කාව තහනම් කිරීමට නීති පැනවීමට විරුද්ධ බවට ඇඟවීමක් ඇති කිරීමට උත්සාහ ගෙන ඇති බව ද එම නිවේදනයේ සඳහන්ය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ බුර්කාව භාවිතය නැවැත්වීම සඳහා ඉස්ලාමීය ප්‍රජාව නියෝජනය කරන සමස්ත ලංකා ජමායතුල් උලමා සභාව විසින් යෝජනාවක් සම්මත කරනු ලැබ ඇති බැවින් අධිකරණ අමාත්‍යවරිය එම සභාව සමඟ ද සාකච්ඡා කොට නීති කෙටුම්පත සැකසීම සිදු කරන ලෙස බවත් නිවේදනයෙහි දැක්වෙයි.