පසුගිය දින ෂ්‍රැංග්‍රි-ලා හෝටලයේ දී මරාගෙන මැරෙන බෝම්බයක් එල්ල කළ බෝම්බකරුගේ වැඩිමහල් සොහොයුරා වන මොහොමඩ් ඉබ්‍රාහ්මින් ඉෆ්තිකාර් නැමැත්තා අද (28) දෙමටගොඩ දී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගැනීමේ දී ඔහු සතුව තිබී කඩු 2ක් ද සොයාගෙන ඇත.
මේ අතර ඔවුන්ගේ දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී නිල් මැණික් සහ රුපියල් කෝටියකට අධික විදෙස් සහ මෙරට මුදල් තොගයක් සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.