පෞද්ගලික අංශයේ අවම සේවක වැටුප ඉහළට

Share

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වේතනය ඉහළ නැංවීමේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2016 අංක 03 දරන සේවකයන්ගේ අවම වේතන පනත යටතේ 2016 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ සේවයේ නියතු සේවකයින්ගේ අවම මාසික වැටුප රුපියල් 10000ක් සහ අවම දෛනික වැටුප රුපියල් 400ක් විය යුතු බවට නියම කර තිබේ.

වාර්තමානයේ පවතින ජීවන වියදමට ගැලපෙන පරිදි පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයින්ගේ අවම මාසික වැටුප රුපියල් 12,500ක් සහ අවම දෛනික වැටුප රුපියල් 500ක් විය යුතු බවට ජාතික කම්කරු උපදේශක සභාව නිර්දේශ කරනු ලැබ ඇත.

එම නිර්දේශ සැලකිල්ලට ගෙන පෞද්ගලික අංශයේ සේවයේ නිමුතු සේවකයින්ගේ වැටුප ඉහළ නැංවීම සඳා 2016 අංක 03 දරන සේවකයින්ගේ අවම වේතන පනත සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ නොවන කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

Read more

Local News