පල්ලිවලට කඩු ගෙනාවේ කැළේ කපන්න

Share

මුස්ලිම් දේවස්ථාවල තිබී හමුවන ආයුධ එම දේවස්ථායන් පිරිසිදු කිරීම සඳහා ගෙනඑන්නට ඇති ඒවා බව මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා පවසයි.

ඊයේ(30) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර දේවස්ථාවල තිබී හමුවන ආයුධ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් නිසි පරීක්ෂණ පවත් වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම ජාතික තව්හීද් ජමාත් සංවිධානය මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති සංවිධානයක් බව මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News