යුද හමුදා ඇඳුම් හා උපකරණ තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

වවුනියාව, කෝවිල්කුලම ප්‍රදේශයේදී යුධ හමුදා ඇදුමක්, යුද හමුදා සපත්තු යුඟලක්, බෝම්බ පිපිරීමට යොදාගන්නා වයර් රෝල් කිහිපයක්, පණිවිඩ හුවමාරු යන්ත්‍රයකට සමාන යන්ත්‍රයක් ඇතුළු උපකරණ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු අද(02) උදැසන අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලීසිය පවසයි.

පොලිසිය පැවසූවේ ලද තොරතුරක් මත වව්නියාව කෝවිල්කුලම  ප්‍රදේශයේ නිවසක සඟවා තිබු අදාළ උපකරණ සොයාගත් බවයි.

වවුනියාව කෝවිල්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉඳිරිපත් කිරී‍මට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News