බැංකු කාර්ඩ් පත් වල අඩංගු රහස් දත්ත ලබා ගැනීමේ පරිඝනක උපකරණ දෙකක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු හලාවත පොලීසියේ අපරාධ විමර්ෂණ අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
හලාවත ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක ගිණුමක් භාවිතා කරමින් ආයථා ලෙස භාණ්ඩ ලබාගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් සිදුකරන ලද විශේෂ පරීක්ෂණයකින් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
හලාවත වට්ටක්කල්ලිය ග්‍රාමයේ පදිංචි අයෙකුගේ පෞද්ගලික ගිණුම භාවිතා කරමින් මෙලෙස භාණ්ඩ ලබා ගෙන තිබේ.
දින තුනක් පුරා අදාළ පුද්ගලයා මේ ජවාරම සිදුකර ඇති අතර, එහිදී රුපියල් දෙලක්ෂ පහළොස් දහසක මුදලක භාණ්ඩ ලබා ගෙන ඇත.
ජාවාරම්කරු මේ සඳහා ව්‍යාජ කාඩ් පතක් භාවිතා කර ඇති අතර අයිතිකරු සතුව ඒ වනවිටත් බැංකුවෙන් ලබා දෙන ලද මුල් බැංකු කාර්ඩ් පත තිබී ඇත.
මේ ජාවාරම්කරු ATM යන්ත්‍ර භාවිතා කරමින් මුදල් ලබා ගැනීමට නොගොස් පෞද්ගලික ආයතන වෙත ගොස් භාණ්ඩ ලබා ගෙන ඇති බවත් වාර්තා වෙයි.
මේ උපකරණ මඟින් බැංකු කාර්ඩ් පත් වල සඳහන් දත්ත ලබා ගත්තත් රහස් අංකය ලබා ගැනීමට හැකියාවක් නොමැති වීම ඊට හේතුවයි.
මෙවැනි පැමිණිලි තුනක් මේ වන විට ලැබී ඇති බව හලාවත මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් මහතා
ප්‍රකාශ කර ඇත.
පොලීසියට ලැබී ඇත්තේ පැමිණිලි තුනක් වුවත් වසර දහයක් පුරා මෙම ජාවාරම්කරු බැංකු කාර්ඩ් රැසකින් භාණ්ඩ ලබා ගෙන ඇති බව ද වාර්තා වෙයි.
මෙලෙස ලබා ගන්නා භාණ්ඩ මොහු අඩු මිලට තමනට හිතවත් වෙළද සැල් වලට විකුණා ඇත.
මෙම උපකරණ ප්‍රධාන සැකකරු විසින් ගෙන්වා ගෙන ඇත්තේ චීනයෙන් බවත් වැඩිදුර පරීක්ෂණ වල දී අනාවරණය වී ඇත.
හලාවත පොලීසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.