යුද හමුදා සාමාජිකයින් 7500ක් නැවත සේවයට

Share

ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය තුල මේ වන විට යුධ හමුදා සාමාජිකයින් 7500 දෙනෙකු නැවත සේවයට වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසයි.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සදහන් කළේ නොදන්වා සේවය අතහැර ගිය සාමාජිකයින් පිරිස් මෙලෙස නැවත සේවයට වාර්තා කර ඇති බවයි.

අත්‍යවශ්‍ය සේවාවලින් අනතුරුව  එම පිරිස් සදහා ඉදිරියේ දී නීත්‍යනුකූලව ඉවත් වීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

නොදන්වා සේවය අතහැර යාම සහ විවිධ හේතු මත සේවය අතහැර ගොස් සිටිනයුධ හමුදා සාමාජිකයින් සදහා නීත්‍යානුකූලව ඉවත්වීමට හෝ නැවත සේවය සදහා එක්වීමට පසුගිය මස 22 වැනිදා සිට මැයි මස 10 වැනිදා දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා යුධ හමුදාව කටයුතු කර  තිබේ.

Read more

Local News