ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා පිටත් වෙයි

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 12වන එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා අද(07) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් එංගලන්තය බලා පිටත්ව ගියේය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ දිමුත් කරුණාරත්නයි.

මෙම ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි ආරක්ෂාව යටතේ අද දින උදෑසන 8.00 ට පමණ වනවිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බවටයි වාර්තා වන්නේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 30 දා සිට ලබන ජුනි මස 12 දා තෙක් එංගලන්තයේ සහ ස්කොට්ලන්තයේ දී පැවැත්වීමට නියමිතය.

Read more

Local News