ජනපති හා ෆොන්සේකා අතර ගැටුමක් ඇති කරන්න UNP සැරසෙනවා

නීතිය හා සාමය ඇමැති තනතුර ඉදිරියට දමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සරත් ෆොන්සේකා මහතා අතර අනවශ්‍ය ගැටුමක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය උත්සහ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

වසර 04 ක කාලයක් නීතිය  හා සාමය අමාත්‍යංශය එක්සත් ජාතික පක්ෂය සතුව තිබූ බවත් ඒ අවස්ථාවේදී අදාල ඇමැති තනතුර සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු නොකල බවද එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ (07 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කලේය.

නීතිය හා සාමය අමාත්‍යංශය ජනාධිපතිවරයා භාරගෙන තවමත් මාස 04 ක් බවත් එම කාලය තුල එක්සත් ජාතික පක්ෂයට වසර හතරක් තුල කිරීමට නොහැකිවූ දේවල් සිදුකල බවද කියා සිටියේය.