ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි

Share

වත්මන් ආණ්ඩුවේ කාලසීමව අවසන්ව ඇති බවත් ගිනි පත්තු වී ඇති හෙයින් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු යැයි හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

2015 ඉදන් අපේ ආරක්ෂක අංශ අඩපණ කළා. 2017දී ජාතික තව්හීද් ජමාත් එක ගැන තොරතුරු දීලා තිබුණා. එතකොට පොලිස්පති කවුද නීතිය හා සාමය භාර ඇමති කවුද?

ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න. අලුත් සාර්ව පාක්ෂික රජයක් පත්කිරීමට ජනපතිට අවස්ථාව දෙන්න. ෆොන්සේකා මහතාට පාඨලි රණවක මහතාට ඇමතිකම් දෙන්න අවස්ථාව දෙන්න.

මේ ආණ්ඩුවේ කාලය ඉවරයි. ගිනි පුපුරු පත්තුවෙලා. කරුණාකරලා යන්න. දෙයියන්ගේ නාමෙට යන්න. පොඩි කැබිනට් එකකට ඉඩ දෙන්න. මාස 6කින් 7කින් ජනතාවට අවශ්‍ය ආණ්ඩුවක් පත්කරන අවස්ථාව දෙන්න”

Read more

Local News