යෝජිත ප්‍රතිත්‍රස්ථ පනතට මරණ දඬුවම ඇතුළත් කරන්න – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආණ්ඩුවට උපදෙස්

Share

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය ඊට මරණ දඬුවම ඇතුළත් කරන ලෙස ආණ්ඩුවට උපදෙස් ලබා දුන් බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

සභානායකවරයා අද(13) අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ අදහස් පළ කළේය.

යෝජිත ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත 1979 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, අද වන විට ත්‍රස්තවාදයේ මුහුණුවර සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මීට මාස එක හමාරකට පමණ පෙර පනත ගැන පාර්ලිමේන්තුවේ කථා කරන විට, විපක්ෂනායකවරයා මෙම සංශෝධනවලට කැමති වු බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ඒ අවස්ථාවේ දී කොමිසමක් පත් කර අවශ්‍ය සංශෝධන සිදු කරමු යැයි පැවසීය.

කෙසේ වෙතත් අද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු දැම්මොත් මිනිස් ජීවිත නැති වුණත් මරණ දඬුවමක් ලබා දිය නොහැකි බවත්, පනත නැවත සකස් කර ශ්‍රේෂ්ඨාධිකරණයට යවා ඇති බවත් පැවසු අමාත්‍යවරයා, එවිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙම යෝජිත ප්‍රතිත්‍රස්ථ පනතට මරණ දඬුවම ඇතුළත් යැයි ද පැවසු බව සඳහන් කළේය.

මෙවැනි දේවලට අද වන විට මොවුන් විරෝධය දැක්වන බවත්,අද වන විට හමුදාවට පුද්ගලයෝ අත්අඩංගුවට ගත නොහැකි බවත් එය කළ හැක්කේ පොලීසියට පමණක් බවත් සඳහන් කළ අමාත්‍යවරයා මේ පනත සම්මත වීමෙන් පසුව හමුදාවට හෝ ජනතාව සෝදිසි කර අත්අඩංගුවට ගැනීමේ හැකියාව ඇති බව ද පැවසීය.

මේ බලය වත්මන් පනතෙන් නැති බවත්, ලංකාවේ හෝ පිටත කෙනෙක් හෝ වේවා ත්‍රස්ත ක්‍රියාවල නිරත වුවහොත් මෙම පනත අනුව රටේ නීති රීතිවලට අනුව අපේ රටේ පුරවැසියෙක් නොවුනත් නෛතික ලෙස ක්‍රියා කිරීමේ බලය හිමිවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම කාරණා ප්‍රධාන වන බවත් පැවසු අමාත්‍යවරයා එනිසා මේ ගැන කථා කර තීරණයක් ගැනීමට මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර බවත් පැවසීය.

මෙය කිසිසේත් තමන්ට බලය සිටීමට හෝ විපක්ෂයට හිරිහැර කිරීමට ගෙන එන ලද්දක් නොවන බවද  කියා සිටියේය.

Read more

Local News