ඇතිවූ කලහකාරී සිද්ධීන් විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායමක්

Share

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඇතිවූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා පොලිස් මූලස්ථානය විශේෂ කණ්ඩායමක් පත් කර තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් අධිකාරීවරයෙකු යටතේ එම කණ්ඩායම විමර්ශන සිදු කරන බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

එම කණ්ඩායම දැනටමත් අදාළ ප්‍රදේශවලට ගොස් විමර්ශන ආරම්භ කර ඇති බව ද, පොලිස් මූලස්ථානය පැවසුවා.

Read more

Local News