ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතට

Share

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතට පත් කර තිබේ.

සේවයේ අවශ්‍යතාව මත වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වන්නේය.

මීට පෙර ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ පැවති අතර පසුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් එම කොට්ඨාශය ඔහු යටතට පවරාගෙන තිබුණි.

Read more

Local News