රුසියාවේ කිතුණු දේවස්ථානයක් ඉදිකිරීමට විරෝධය

Share

රුසියාවේ, යෙකටරින්ග්බර්ග් හි උද්‍යාන චතුරස්‍රයේ කිතුණු දේවස්ථානයක් ඉදිකිරීමට විරෝධය පාමින් 2,000කට අධික පිරිසක් විරෝධතාවක් පවත්වා තිබේ.

මෙම පල්ලිය ඉදිකිරීමට එරෙහිව දැවැන්ත විරෝධතාවක් පැවැත්වූ දෙවැනි දිනය ඊයේ (14දා) දිනයයි.

මෙම විරෝධතාව දැක්වූ ජනතාව පවසා සිටියේ ඉදිකිරීමට යෝජිත සෙන්ට් කැතරීන්ස් දේවස්ථානය මගින් දැනට නගරයේ ඉතිරිව ඇති සුළු හරිත උද්‍යාන අතරින් තවත් එකක් තමන්ට අහිමි වන බවයි.

කෙසේ වෙතත්, රුසියානු ඔර්තඩොක්ස් පල්ලිය පවසන්නේ මෙම දේවස්ථානය අනිවාර්යයෙන්ම ඉදිකළ යුතු බවයි.

සෝවියට යුගයේ ආගම් විරෝධී නීති යටතේ පල්ලි විනාශ වූ බවත්, ඒ වෙනුවෙන් මේ නව පල්ලියේ අවශ්‍යතාව ඇතිව තිබෙන බවත් ඔවුන් කියයි.

ඒ අනුව, වර්ෂ 1930 දී විනාශ කෙරුණු දේවස්ථානයේ අනුරුවක් ලෙසම මෙය ඉදිවන බවද ඔර්තඩොක්ස් පල්ලිය කියයි.

මෙය 2023 වසරේදී නිම කිරීමට බලාපොරොත්තු වී තිබේ. කෙසේ වෙතත්, පවතින තත්ත්වය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව ක්‍රෙම්ලීනයේ මාධ්‍ය ප්‍රකාශක වරයා පවසා සිටියි.

ප්‍රදේශයේ ජනතාව සමාජ මාධ්‍ය තුළින් ඒකරාශී වී මෙම දැවැන්ත විරෝධතාව පවත්වා ඇති බවද දැනගන්නට ලැබෙයි.

Read more

Local News