මඩකලපුවේ විශ්වවිද්‍යලය ගැන කෝප් කමිටුවෙන් පරීක්ෂණයක්

Share

මඩකලපුවේ ඉදිවන විශ්ව විද්‍යලය ගැන පරීක්ෂණයක් කිරිමට පොදු ව්‍යාපාර පිලිබඳව කාරක සභාව හෙවත් කෝප් කම්ටුව තීරණය කර තිබේ.

එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ, ලබන 21 වැනි දා අදාළ පාර්ශව කමිටුව හමුවට කැඳවා ඇති බවයි.

මේ අතර අදාළ විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන අධ්‍යයනයේ වාර්තාව ලබන මස මුල් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව උසස් අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.

මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කළේ, මඩකලපුවේ ඉදිවන බැටික්ලෝ කැම්පස් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය නිරීක්ෂණය කිරීමට ද උසස් අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කර ඇති බවයි.

Read more

Local News