වර්තමාන ආණ්ඩුවේ වගකීමක් මෙන්න

Share

මේ මොහොතේ ජාත්‍යන්තර මැදිහත්විම් වලින් රට ආරක්ෂා කරගැනීම වර්තමාන ආණ්ඩුවේ වගකීමක් බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පවසා සිටියි.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

රට අභ්‍යන්තරයේ අරාජික බාවයක් අනාරක්ෂිත බාවයක් ඇති කොට ආරක්ෂාව ඇති කිරීමේ මුවාවෙන් රට තුළට භාහිර බලපෑම්වලට ඇතුළු විය හැකි ඉඩ සකස් කර දීමක් සිදුවෙමින් පවතින බව සෝභිත හිමියන් ප්‍රකාශ කරයි.

ලැබී ඇති තොරතුරු අනුව රට තුළ ඇමරිකානු කඳවුරක් ඇතිකිරීමට අවශ්‍ය මූලික අඩිතාලම දැනට සකස් වෙමින් යන බව උන්වහන්සේ පවසයි.

මීට හේතුවේ රටේ පාලකයන් රටේ ආරක්ෂාව පිළිබඳව දක්වන අඩු සැලකිල්ල බවත් මේ අවස්ථාවේ ක්‍රියා කරන ආකාරය මත රටේ අනාගතය තීරණය වන බව රාජ්‍ය බලධාරීන්ට මතක් කර සිටින බවත් සෝභිත හිමි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

ලෝකයේ ක්‍රියාත්මක වෙමින් පවතින අයි එස් වැනි ත්‍රස්ත සංවිධානයන්ට මෙරට පැලපදියම් වීමට ඉඩ නොතබන ලෙසත් උන් වහන්සේ ඉල්ලා සිටියේය.

Read more

Local News