ශ්‍රීලනිපයෙන් අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන්ට ලිපියක්

Share

ත්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටා දමමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සදහා අවශ්‍ය නීති රීති පිළිබද කරුණු ඇතුළත් ලිපියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් විසින් අස්ගිරි හා මල්වතු මහනාහිමිවරුන් වෙත අද පිළිගන්වනු ලැබුවේය.

මල්වතු මහා විහාරයට ගොස් ආපසු පැමිණි මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පල කළේය.

එක රටක් තුළ පොදු නීතියක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මාස 2ක් තුළ රටට අවශ්‍ය නීති සම්පාදනය කිරීම තම බලාපොරොත්තුව බව එහිදී මහින්ද අමරවීර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ආණ්ඩුවටත් කිරීමට අපහසු වු ඇතැම් කාරණා පිළිබඳ අවධානය යොමු කර රටේ නැවත ත්‍රස්තවාදයක් ඇති නොවීමට පොදු නීති හඳුන්වා දුන් බවත් පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ කැමැත්තෙන් මෙය සම්මත කළ හැකි වේ යැයි තමන් විශ්වාස කරන බවත් ඒ මහතා පැවසීය.

මහජනතාවට ගැටලුවක් වී ඇති කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් නීති පද්ධතිය සති 2ක් තුළ ක්‍රියාත්මක කර එක නීතියක් තුළ එක නීතියක් ගෙන යෑමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව එහිදී මාධ්‍යට අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News