ජැක්සන්ගේ ජීවිතය අලලා නවතම වාර්තාමය වැඩසටහනක්

Share

සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ ජීවිතය අලලා සැකසෙන නවතම වාර්තාමය වැඩසටහන ඔස්සේ ඔහුට එල්ල වූ ළමා අපචාර සිද්ධියට අදාළ චෝදනා ඉවත්වනු ඇතැයි ජැක්සන්ගේ හිටපු ආරක්‍ෂක නිලධාරී මැට් ෆීඩෙස් සදහන් කරයි.
වසර දහයක් පුරා ඔහු මයිකල් ජැක්සන්ගේ ආරක්‍ෂක නිලධාරියා ලෙස සේවය කර තිබේ.
‘Chase The Trurt‘ නැමැති ජැක්සන්ගේ ජීවිත කතාව ඔස්සේ නිපදවෙන නවතම වාර්තාමය වැඩසටහනේ පූර්ව ප්‍රචාරක දර්ශන පෙලක් සිය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවට එක් කරමින් මැට් ෆීඩෙස් මේ බව පවසා ඇත.
මෙම නව වාර්තාමය වැඩසටහන ඔස්සේ ‘Leaving Neverland’ මීට පෙර ජැක්සන්ට චෝදනා එල්ල වූ ළමා අපචාර සිද්ධි සියල්ලම ප්‍රතික්ෂේප වී ඇතැයි වාර්තා වේ. එසේම චැනල් ෆෝ නාලිකාව ඔස්සේ විකාශය වූ ‘Leaving Neverland’ අධ්‍යක්‍ෂවරයා වූ ඩැනී රීඩ් නැමැත්තාගේ වෘත්තීය භාවය ද මේ අනුව විනාශ වී යනු ඇතැයි විශ්වාසය පළ කෙරේ.
ලබන මාසයේ දී මෙම නව වාර්තාමය වැඩසටහන නිකුත් වීමට නියමිතය.
ඒ ඔස්සේ මයිකල් ජැක්සන්ගේ ජීවිතයේ බොහෝමය සත්‍ය සිද්ධීන් අනාවරණය කිරීමකට ලක් කර තිබේ.
ආරක්‍ෂක නිලධාරීන් 100ක් හා 150තට ආසන්න සේවක මඩුල්ලක් සිටින වටපිටාවක් තුළ මයිකල් ජැක්සන්ට දැන්ට එල්ලවන චෝදනාවලට අනුව දරුවන් අපචාරයට ලක් කිරීමේ කිසිදු පරිසරක් නැතැයි ජැක්සන්ගේ හිටපු ආරක්‍ෂක නිලධාරියා සහ පෞද්ගලික පුහුණුකරු වැඩිදුරටත් අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Read more

Local News