නව ගුවන් හමුදාපති වැඩ අරඹයි

Share

නව ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා අද පෙරවරුවේ සිය ධූරයේ රාජකාරී ඇරඹිය.

අද උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේදී එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා ශ්‍රී ලංකාවේ 17 වැනි ගුවන් හමුදාපතිවරයා වශයෙන් එලෙස වැඩ අරම්භ කළේ ය.

ගුවන් හමුදාපතිවරයාට මෙහිදී සම්ප්‍ර‍දායික උත්තමාචාරයන් ද පිරිනැමුණි.

ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස්,

මාගේ පළමු අභිප්‍රාය වන්නේ දැනට තිබෙන ගුවන් ආරක්ෂන පද්ධතිය තවදුරටත් වැඩි දියුණු කිරීම ඒ සඳහා මගේ අවධානය යොමු වීම. ඊට අමතරව රටේ දැන් ඇතිවී තිබෙන තත්ත්වය, ගුවන් හමුදාව එහෙම නැත්නම් හමුදාවේ සාමාජිකයෝ වශයෙන් යුද හමුදාව පොලීසිය ඇතුළු අනිත් හමුදාවල් ඔවුන් සමග එකමුතු වී කටයුතු කරනවා. මට අවස්ථාව ලබා දුන්න සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන්ට ස්තූතිවන්ත වෙන අතර එතුමා මා කෙරේ තැබු විශ්වාසය නිකලැල්ව එලෙසම තබා ගැනීමට මගේ උපරිම උත්සාහය දරණ අතර ඒ ගැන මම අධිෂ්ඨානයෙන් කටයුතු කරනවා.

Read more

Local News