පෞද්ගලික බස් අද මැදියම් රෑ සිට ධාවනයෙන් ඉවතට

Share

දැනට උපවාසයේ යෙදී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ට සහය පළකරමින් රටපුරා සියලු පෞද්ගලික බස්රථ අද (3) මධ්‍යම රාත්‍රීයේ සිට ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය.

මේ අතර රතන හිමියන්ට සහාය පළකරමින් මීගමුව, අලුත්ගම ඇතුළු ප්‍රදේශ රැසක පෞද්ගලික බස්රථ අද (3) උදේ සිට ධාවනයෙන් ඉවත්ව තිබෙන බව බස් සංගම් පවසයි.

Read more

Local News