මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන්, දිවයිනේ (විශේෂයෙන් නිරිතදිග කොටසේ) වැසි හා සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ.

බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු ප්‍රදේශවල, විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ඇතැම් ස්ථාන වලට විශේෂයෙන් දකුණු සහ සබරගමු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැක.

නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කදුකර ප්‍රදේශවල සහ බස්නාහිර, දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News