අවෛරයේ හෝරාව ඇරඹෙයි

Share

සියලු ජාතීන් ඒකරාශී කරගනිමින් නව ශ්‍රී ලංකාවක් කරා යන ගමන මාතරින් ආරම්භ කර ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මාතර පැවති සාමකාමී විරෝධතාවකට අද(10) පස්වරුවේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජාතීන් අතර වෛරය, ආගම්වාදය සහ ජාතිවාදය වැපිරීමට විරෝධය පළ කරමින් ”අවෛරයේ හෝරාව” නමින් සංවිධාන කළ සාමකාමී විරෝධතාවක් මාතර ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිටදී අද පස්වරුවේ පැවැත්වුණි.

ඊට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ද සහභාගී වූ අතර අමාත්‍යවරයාට එහිදී ජනතාවගෙන් හිමිවුණේ උණුසුම් පිළිගැනීමකි.

Read more

Local News