ගෙවල් බිදුම් කිහිපයකට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

Share

සීදුව පාෙලිස් වසමේ මුතුවාඩිය ප්‍රදේශයේදී නිවාස බිද දේපල සොරා ගැනීමේ සිද්ධින් කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සීදුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදී වාර්තාවී තිබූ නිවාස බිද දේපල සොරා ගැනිමේ සිද්ධින් 07කට ඔහු සම්බන්ධ බවට අනාවරණය වූ බවයි පොලිසිය පැවසුවේය.

අත්අඩංගුවට ගත් සැකකරු රද්දොළුගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද(20) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර සීදුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News