මෙරට සංචාරය කිරීම ගැන ඇමෙරිකාවේ මාර්ගෝපදේශ ලිහිල් වෙයි

Share

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව නිකුත් කර තිබූ සංචාරක මාර්ගෝපදේශ ලිහිල් කිරීමට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒ අනුව ඔවුන්ගේ සංචාරක උපදේශන මට්ටමේ අංක 3 සිට අංක 2 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරක අවධානම් පහත හෙළා තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම තවදුරටත් අවධානම් බවට ඔවුන් සඳහන් කර තිබේ. සංචාරක ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන, සාප්පු සංකීර්ණ, රාජ්‍ය පහසුකම්, හෝටල, සමාජශාලා,ලැගුම්හල්, ආගමික ස්ථාන, උද්‍යාන, ප්‍රධාන ක්‍රීඩා හා සංස්කෘතික උත්සව, ආගමික ආයතන, ගුවන්තොටුපොළ, රෝහල්  වලට ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක් එල්ල විය හැකි බවත් ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙසත් ඇමෙරිකාව සඳහන් කරයි. ඔවුන් ඊයේ (24දා) අවසන්වරට මෙම යාවත්කාලීන කිරීම සිදුකර තිබේ.

Read more

Local News