ජනාධිපතිවරණය කවද්ද ?

Share

ජනාධිපතිවරණය එළඹෙන නොවැම්බර් 15 වනදා සිට දෙසැම්බර් 07 දක්වා කාලය තුළ අනිවාර්යයෙන්ම පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මැතිවරණ කොමිෂන් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ පිළිබඳව ජනාධිපතිවරයා, අගමැතිවරයා, කථා නායකවරයා ඇතුළු වග කිව යුතු පාර්ශව සියල්ල දැනුවත් කර ඇති බවත් එම කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමට කිවෙකුට නොහැකි බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

එසේ සිදු කළ හැකි බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බවත් ඒ නියමිත දිනට පෙර ජනාධිපතිවරණය ඉදිරියට ගැනීමෙන් පමණක් අතර කල් දැමීමට කිසිවෙකුට නොහැකි බවත් ඔහු ප්‍රකාශ කරයි.

Read more

Local News